පසුගිය ජනාධිපතිවරණය සමයේ කහවත්ත ප්‍රදේශයේ ජනරැලියක් සඳහා සැරසිලි කරමින් සිටි (එ.ජා.ප) ආධාරකරුවෙකු වූ ශාන්ත දොඩංගොඩ යන අය ඝාතනය කිරීම හා තවත් කිහිපදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවන් මේ මස 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මල් පෙරේරා මහතා අද (08දා) දින නියෝග කළේය.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම