හිටපු ඇමති මහින්දානන්දට එරෙහි නඩුවට දින නියමවේ
හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව ලබන නොවැම්බර් මස 20 සහ 21 වැනි දිනවල විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (10දා) තීරණය කළේය.
අලුත්ගමගේ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහාමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.
ඒ මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයේ පෙනී සිටියේය.
මෙහිදී නඩුව ලබන නොවැම්බර් මස 20 සහ 21 වැනි දිනවල විභාග කිරීමට තීරණය කළ කොළඹ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
