ජනපති ලේකම් කාර්යාලයට වාහන මිලදී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 17.5ක මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට පත් හිටපු ජනපති අතිරේක ලේකම් කේ.ඩී. ගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (08දා) නියෝග කළාය. ඔහු මෙම සිදුවීමේ පළමු සැකකරු වෙයි.
රුපියල් 50000ක මුදල් ඇපයක් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් ඔහුට නියමවිණ.
මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන ජනපති ලේකම් කාර්යාලයේ හිටපු ගණකාධිකාරී එල්.ජී. ගුණරත්න මහතාගේ ඇප අධිකරණය ප්රතික්ෂේප කෙරිණි.