අල්ලස් කොමිසම විසින් හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා අභියාචනාධිකචරණ විනිසුරු නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම ශ්‍රේෂ්ථාධිකරණය අද (26දා) තාවකාලිකව අත්හිටුවන ලදී.
එම නඩුව විභාගයට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර කරුණු සලකා බැලු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළේය.
ඊවා වනසුන්දර, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය.