ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනි හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හදවත් සැත්කමකට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඉතාලි දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ බෙර්ලූස්කෝනි මේ වනවිට 79 වැනි වියෙහි පසුවන අතර, ඔහුගේ හදවත් සැත්කම ලබන සතියේ මැද භාගයේදී සිදුකරනු ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
කෙසේ වෙතත්, මේ වනවිට හිටපු අගමැතිවරයාගේ තත්ත්වය බරපතල නොවූවත්, මෙම සැත්කම ඔහුගේ ජීවිතය හෝ මරණය තීරණය කරන සැත්කමක් වනු ඇති බවද කියැවෙයි.
ඉතාලි අගමැති ධුරයේ වාර හතරක් කටයුතු කර ඇති බෙර්ලූස්කෝනි බදු වංචා, අල්ලස් සිද්ධි මෙන්ම ස්ත්‍රී දූෂණ චෝදනාවන්ටද ලක්ව අවසානයේ අගමැති අසුනින්ද විසි වී ගියේය.
කෝටිපති ව්‍යාපාරිකයෙකුද වන බෙර්ලූස්කෝනි, එරට ෆොර්සා ඉටාලියා පක්ෂයේ නායකයාද වෙයි.