අද පෙරවරුවේදී හිඟුරක්ගොඩ නගරයට වන අලියෙකු පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති විය.
වන අලියාගේ පහර දීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර ඔවහු පොලොන්නරුව රෝහලට අතුළත් කර සිටිති.
අලියා නිර්වින්දනය කිරීමට අවශ්‍ය කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පොලීසිය හා යුද හමුදාව එක්ව සිදුකෙරෙමින් පවතී.