රුපියල් කෝටි 32 ක හිඟ බදු මුදලක් ගෙවීමට නියමිතව තිබියදී පෞද්ගලික ආයතනයකට නීති විරෝධී ලෙස ස්කාගාර බලපත්‍රයක් නිකුත් කර ඇති බව වාර්තාවේ.
මෙම ස්කාගාරයේ හිමිකරු ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු සමග සමීප හිතවත්කමක් පවත්වන නිසා මෙලෙස හිඟ බදු මුදල් තිබියදී බලපත්‍රය නිකුත් කර ඇති බව කියති.
හිඟ බදු මුදල් ගෙවා අවසන් වෙනතුරු බලපත්‍ර නිකුත් නොකිරීම සාමාන්‍ය නීතිය වෙයි.
මේ අතර මෙම ඉස්කාගාරයේ කසිප්පු යොදා ගනිමින් අරක්කු නිෂ්පාදනය කර බෝතලයක් රුපියල් 1250 ක මිලකට අලෙවි කරනු ලබන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇති බවද වාර්තාවේ.