රටේ බිහි වූ සෑම රාජ්ය නායකයෙක්ම තමන්ගේ යුග මෙහෙවර හරි හැටි ඉටු කළ බවත් ඔවුන් රටට හොඳක් මිස නරකක් සිදු නොකළ බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසෙන මහතා ප්රකාශ කළේය.
පොළොන්නරුවේ ජනතාවට 2016 නව වසරට සුබ පැතීම නිමිත්තෙන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පුලතිසි බුද්ධි මණ්ඩපයේ අද (01 දා) පෙරවරුවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව ප්රකාශ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මෛත්රිපාල සිරිසේන මහතා කියා සිටියේ පොදුවේ මෙන්ම පෞද්ගලිකව සෑම කෙනෙක්ම කටයතු කරන විට අධිෂ්ඨානය ,අරමුණ හා කැපවීම තිබිය යුතු බවයි.