හඳුනානොගත් ග්‍රහ වස්තුවක් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර අහසට වන්නට ඊයේ (25දා) සවස 5.00 පමණ සිට අද (26දා) උදෑසන දක්වා දක්නට ලැබෙන බව හැටන් ප්‍රදේශවාසීහු පවසති.
අද (26දා) පෙරවරුව වනවිටත් සඳට සමාන්තරව මෙම වස්තුව දිලිසෙන අයුරු දක්නට ලැබුණු බවද ඔවුහු සඳහන් කරති.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ දිනවල දහවල් කාලයේදීත් සිකුරු තරුව දර්ශනය වන නිසා මේ සිකුරු තරුව විය හැකි බවයි.
හැටන් රංජිත් රාජපක්ෂ