නානුඔය නගරය ආසන්නයේ පාලම අළුත්වැඩියා කිරීම හේතුවෙන් හැටන් නුවරඑළිය මාර්ගය හෙට (08 ද ) ප. ව. 6.00 සිට අනිද්දා (09 දා) දින පෙ. ව. 6.00 දක්වා වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව විකල්ප මාර්ග වශයෙන් හැටන් දෙසින් පැමිණෙන රථවාහන තලවකැලේ නගරයෙන් තවලන්තැන්න මාර්ගය ඔස්සේ රම්බොඩ හරහා නුවරඑළියටත්, ඩයගම සිට පැමිණෙන වාහන තලවකැලේ නගරයට පැමිණ තවලන්තැන්න මාර්ගය ඔස්සේ රම්බොඩ හරහා නුවරඑළියටත්, නුවරඑළිය දෙස සිට නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන සියළුම රථවාහන දුම්රිය ස්ථානය දක්වාත්, හැටන් දෙස සිට නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගී රථවාහන දුම්රිය ස්ථානය දක්වාත් ගමන් කළ හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.