කරවනැල්ලේ සිට ගිනිගත්හේන හරහා හැටන් දක්වා යන මාර්ගයේ 37 කණුව ප්ර‘දේශයේ නායයෑම් තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් රථවාහන රියදුරන් ඇතුළු අනෙකුත් ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටියි.
මගීන් සමග ගමන් ගන්නා බස්රථ එම ස්ථානයේදී මගීන් බස්සවා ගමන් කර පසුව මගීන් සමග ගමන් කිරීමට යෝජනා කරන බවද එම ආයතනය අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
හැකියාවක් තිබෙනවා නම් එම මාර්ගය හරහා යෑමෙන් වළකින ලෙසද එම ආයතනය ඉල්ලා සිටියි.