ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට හොරෙන් ඇතුළු වූ දරුවාගේ හැකියාව හොඳ පැත්තට යෙදවිය යුතු බවත් මිනිසුන් තාක්ෂණය හොඳ හෝ නරක යන දෙකටම යොදාගන්නා අතර නරක දේවල් මැඬ පැවැත්වීමට රජය මැදිහත්විය යුතු බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
බණ්ඩාරනායක මහත්මිය මේ බව පැවසුවේ, වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරනු ලැබූ තාක්ෂණ විද්‍යා පීඨය අද (01දා) කථානායකවරයා විසින් විවෘත කිරීමෙන් පසුව හිටපු ජනාධිපතිනිය කළ නිරීක්ෂණ චාරිකාවේදීය.