අපදා තත්ත්වයට හසුව ජලයෙන් විනාශයට පත්ව තිබෙන ශීතකරණ හා රූපවාහිනී යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ මගින් සිදුවිය හැකි පරිසර හානි වළක්වාගැනීම සඳහා වැඩපිළිවෙළක් දියත් කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
සිංගර් ආයතනය සමග එක්ව මෙම භාණ්ඩ ප්‍රතිචක්‍රිකරණය කිරීමට අදහස් කරගෙන සිටින බවත්, ජනතාවගේ කැමැත්තෙන් ලබාදෙන භාණ්ඩ මෙලෙස ප්‍රතිචක්‍රිකරණයට ලක් කරන බවත් ඔහු පවසා සිටියේය.