සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම හේතුවෙන් හානි වූ නිවාස සහ ගොඩනැගිලි පිළිබඳව කඩිනම් අවධානය යොමුකොට යුද හමුදා ශ්‍රමදායකත්වයෙන් පිළිසකර කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා උපදෙස් දී තිබේ.
කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම පිළිබඳව වත්මන් තත්ත්වය සොයා බැලීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (06දා) එම ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයට එක් වූ අතර, එහිදී මෙම අදහස් ප්රකාශකෙරිණි.
යුද හමුදා මධ්‍යම අවි ගබඩාවේ සිදුවී ඇති මෙම පිපිරීමෙන් කඳවුරට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අයත් දේපළවලට සිදුවූ අලාභහානි පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී සොයා බැලූ අතර, මෙම පිපිරීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකරන මෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ පරීක්ෂණ කණ්ඩායම් වෙත උපදෙස් ලබාදුන්නේය.
මෙම අවස්ථාවට යුදහමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.