ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා එක්දින ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුවන හෂාන් තිලකරත්ත මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
හෂාන් තිලකරත්න මහතා අවිස්සාවෙල්ල ආසනයේ හිටපු එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වෙයි.
පදනම් ආයතන්යේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා සිය තීරණය දැනුම් දුන් අතර තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මේ අවස්ථාවට එක්ව සිටිති.