ජනාධිපතිවරණ ජයග්රහණයෙන් අනතුරුව ජයග්රාහී පක්ෂයේ සාමාජිකයන් හලාවත නගර සභාවට අයත් කඩකාමර මෙන්ම නගර සභාවට අයත්ව තිබූ පොදු වැසිකිළියද දේශපාලන බලය යොදාගනිමින් අත්පත්කරගෙන ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘අද’ ට සඳහන් කළේ, දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගනිමින් සිදුකරන අයථා ක්රියා වහාම නතර කළ යුතු බවයි.
පශ්චාත් මැතිවරණ කාලසීමාවේ සිද්ධි ලෙස රෝහල් ගතවීම් 10 ක්, පහරදීම් 15 ක්, ගොඩනැගිලිවලට සිදුකළ අලාභ හානි 10 ක්ද වාර්තාවන බව ඒ මහතා සඳහන් කරයි.