හලාවත ආනන්ද ජාතික පාසලේ විදුහල්පති මාරු කර යවා ඒ වෙනුවට වෙනත් විදුහල්පතිවරයෙකු පත් කර එවිමට විරෝධය පල කරමින් ගුරු මණ්ඩලය හා සිසුන් දෙකට බෙදී විරෝධය ප්රකාශ කිරීම අද ( 27 දා ) විදුහල ඉදිරිපිටදී පැවැත්විණි.
එම දෙපිරිසම එකිනෙකාට විරෝධී අදහස් දක්වමින් ඊට එක්ව සිටි අතර, සියලුම විරෝධතාවන් පාසල් භුමිය තුළ පැවැත්විය. ගැටලුව විසඳීමට හලාවත නගර සභාවේ සභාපති නීතිඥ හිලරි ප්රසන්න ප්රනාන්දු මහතා ද දැඩි උත්සාහයක් ගනු ලැබුවද එයද අසාර්ථක විය.
මේ අතර විදුහල් ගේට්ටුව අසලට පැමිණ සිටි දෙමාපියන් පිරිසක් කියා සිටියේ මෙම විදුහල්පති ගැටුම නිසා විදුහලේ ගුරු මණ්ඩලය දෙකට බෙදී ඇති නිසා ඔවුන් එකතු කර විදුහලේ දියුණුවට සේවය කළ හැකි වෙනත් විදුහල්පතිවරයෙකු මෙම අවස්ථාවේ පත්කිරීමගැටලුවට ඇති එකම විසඳුම බවයි.
හලාවත සුපුන් හංසන