මෙම වර්ෂය රජයේ ආර්ථිකය වර්ධනය කිරීමේ වසර බවත්, හරිත සංකල්ප මූලික කරගනිමින් මහා නගරයට සමගාමීව ඉදිරි නගරවලද සංවර්ධන කටයුතු සිදුකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
"නව රජය විදිහට අපේ උත්සාහය අධිෂ්ඨානශීලී ලෙස අපේ රට හෙට දවස සඳහා සකස් කිරීමයි. අතීතයේ සිට පැවති අපේ නගර සැලසුම් විදේශ ආක්‍රමණ නිසා විනාශ වුණා. අපි ඒ සියල්ලෙන් පාඩම් ඉගෙනගෙන ලස්සන නගරයක් ගොඩනගනවා කියන්නේ ලස්සන මිනිසුන් ගොඩනගනවා කියන එකව. නිරෝගී කයක් මෙන්ම නිරෝගී සිරුරක්ද අවශ්‍යයි.
බස්නාහිර මහා නගර සැලැස්මට සමගාමීව රටේ අනිතුක් නගර සංවර්ධනය කිරීම රජය විසින් සිදුකරනවා. ප්‍රාදේශීය නගර සංවර්ධනය විශේෂයෙන්ම සිදුකරනවා. නගර සංවර්ධනයේදී හරිත සංකල්ප තුළ නගර සංවර්ධනය කිරීමට මේ නිලධාරීන් කටයුතු කරයි කියලා මම හිතනවා. 2016 නව වර්ෂය රටේ ආර්ථික සංවර්ධනය සඳහා මුලපුරණ වර්ෂයයි. ඒ සඳහා සෑම කෙනෙක්ම එක්ව කටයුතු කළ යුතුයි."