ඇසළ මහා මංගල්‍යය සමයේ මහනුවර නගර සීමාව තුළ දිනකට එක්රැස් වූ කසළ අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 200 ට වඩා අධික වූ බව නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පැවසීය.
සාමාන්‍යයෙන් මහනුවර නගර සීමාව තුළ දෛනිකව එකතුව වන කසළ අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 120ක් වුවත් පෙරහැර සමයේ එය ටොන් 200 ට වඩා වැඩි වූ බවද ඒ මහතා පවසා සිටියේය.
නගරයේ ඇති හෝටල්වලින් සාමාන්‍යයෙන් දිනකට ඉවත් කරන කසළ ප්‍රමාණය ටොන් 47 ක් වුවත් පෙරහර සමයේ එය ටොන් 75ක් පමණ වූ අතර මහනුවර නගර සීමාවෙහි ඉවත දැමූ අපද්‍රව්‍යද හා පෙරහරට පැමිණි අලි ඇතුන්ගේ අපද්‍රව්‍ය හා එම සතුනට සපයන ලද ආහාරවල ඉතිරි කොටස් ද මෙම කසළ තොගයයට අයත් වූව බවද දිසානායක මහතා පැවසීය.
පෙරහර නැරඹීමට පැමිණි බැතිමතුන් දමා ගිය අපද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් මහ මග දමා ගොස් තිබූ අතර ඒවා බැතිමතුන් විසින් නැවත ගෙන ගොස් සිටියා නම් වැඩි වූ කසළ අපද්‍රව්‍ය ප්‍රමාණය තවත් අඩු කර ගැනීමට හැකියාව තිබූ බවද ඒ මහතා පැවසීය.
බැහැර කරන අපද්‍රව්‍ය වෙන් වෙන්ව බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබුණද බැතිමතුන් විසින් එම කාර්යය නිසි පරිදි ඉටු කර නොතිබූ හෙයින් ඒවා වෙන් කිරීමට මහත් වෙහෙසක් දැරීමට සිදු වූ බවද පවසා සිටියේය.
කෙසේ වෙතත් නගරය තුළ තිබූ කසළ හා අපද්‍රව්‍ය මහනුවර නගර සභාවේ සේවකයන් යොදවා පැය කිහිපයකින් ඉවත් කර මහනුවර හරිත කලාපය රැකගැනීමට හැකිවූ බවත් ඒ සඳහා විශාල වෙහෙසක් ගත් සියලු දෙනාට විශේෂ ස්තුතිය පුදන බවද දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.