හරි හෝ වැරදි හෝ මගේ පුතාට ඉන්නේ එක ගෑනු ළමයයි -අැමති රාජිත
හරි හෝ වැරදි හෝ මගේ පුතාට ඉන්නේ එක ගෑනු ළමයයි
දැන් ස්ත්‍රී දූෂකයන් තමයි කතා කරන්නේ ගෑනු ළමයි පැහැරගෙන ගියා කියලා
අමාත්‍ය රාජිත සේනාරත්න
හරි හෝ වැරදි හෝ තමාගේ පුතාට සිටින්නේ එක ගෑනු ළමයෙකු බවත්, මේ පිළිබඳව කතා කරන අයට දවසට එකගානේ ගෑනු ළමයි සිටින බවත්, දැන් ස්ත්‍රී දූෂකයන් ගෑනු ළමයින් පැහැරගෙන ගිය බවට චෝදනා කරන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
කුඩු ව්‍යාපාරයට එරෙහිව තමා දිගින් දිගටම කතා කරන බවත්, වෙලේසුදා ඇතුළු කුඩු ව්‍යාපාරිකයන් අධිකරණයට ඉදිරිපත්කරන තුරුම ඒ වෙනුවෙන් අරගල කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
භාරත ලක්ෂ්මන් ඝාතනයේ මිනීමරුවන් පෝරකයට ගෙනයන තුරු මෙන්ම ස්ත්‍රීදූෂකයන්ට නිතීය ක්‍රියාත්මක කරන තුරු තමා සටන් කරන බවද හෙතෙම පැවසීය.
ගැහැනු දරුවන් පැහැරගත්තා යැයි තමාට අද චෝදනා කරන්නේ ස්ත්‍රී දුෂකයන් බවත්, ඇතැම් මාධ්‍ය ආයතනද කරුණු සොයා නොබලා සදාචාරාත්මක නොවන අයුරින් පහරගසන බවත් ඒ මහතා කීය.
රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නිවසේ ගැහැනු දරුවකු බලෙන් සිරකරගෙන සිටින බවට පසුගියදා නැගුණු චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය.
තම නිවසේ බලෙන් දරුවෙකු සිරකරගෙන නොමැති බවත්, දෙමාපියන්ගේ නොසැලකීම මත එම දරුවාගේම කැමැත්තෙන් තම නිවසේ රැඳීසිටින අතර හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරතවන බවත් අමාත්‍යවරයා පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
&මගේ පුතා ගිහින් මේ දරුවා පැහැරගෙන ආවා කියලා චෝදනා කරනවා. ඒ දරුවම ළමා ආරක්ෂණ අධිකාරියට ලබාදුන් කටඋත්තරයේ හොඳටම සඳහන් වෙලා තියෙනවා ඒ ගැන.කිසිම වෙලාවක මේ දරුවා බලෙන් පැහැරගෙන ඇවිත් නැහැ. ඒ දරුවා අපේ ගෙදරට ආවට පස්සෙ අපේ ගෙදර අයයි පොලීසියට එක්කගෙන ගිහිල්ලා පැමිණිල්ල දාලත් තියෙන්නේ.
අපි මේ දරුවට බලහත්කාරකම් කළා නම් මේ දරුවා ලන්ඩන් ඕලෙවල් හොඳට පාස් වෙයිද?දැන් එයා උසස් අධ්‍යාපනයට විදේශගතවෙන්නයි ඉන්නේ. බලහත්කාරකම් කළා නම් එහෙම කරයිද? හරි හෝ වැරදි හෝ අඩුගානෙ මගේ පුතාට ඉන්නෙ එක ගෑනු ළමයයි. ඔය කතාකරන අයට දවසට එකගානේ ගෑනු ළමයි ඉන්නවා. දැන් ස්ත්‍රී දූෂකයො තමයි කතාකරන්නෙගෑනු ළමයි පැහැරගෙන ගියා කියලා* යැයි සඳහන් කළේය.
මෙම දැරිය වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමට සූදානමින් සිටින බවත්,දූෂණ වංචාවලට එරෙහිව කටයුතු කිරීමේදී තමාට අපහාස කිරීමට මෙවැනි චෝදනා සිදුකරන බවත් අද (19දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීහෙතෙම වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

