කේ. ලයින් නැව් සමාගමට අයත් වාහන 7,700 ක් රැගෙන යන මීටර් 199.5 ක දිගින් යුත් හයිපෙරියන් හයිවේ (HYPERIONHIGHWAY) නෞකාව ප්රථම වතාවට ජපානයේ සිට වාහන රැගෙන හම්බන්තොටමාගම්පුර වරායට ඊයේ (12දා) පැමිණියේය.
ඔක්තෝබර් මස 05 වැනිදා ජපානයෙන් මෙම නෞකාව දියත්කර තිබේ. නෞකාවෙන් රැගෙන ආ වාහන අතරින් රථවාහන
532 ක් හම්බන්තොට වරායට ගොඩබාන ලදී.
ජනවාරි මාසයේදී හම්බන්තොට මාගම්පුර වරායට වාහන රැගත් නෞකා 15 ක් ළඟාවීමට නියමිත බව වරාය අධිකාරිය පවසයි.