හයිඩ් පිටියේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂයේ විනය රැකගැනීමට කටයුතු කර තිබෙන බැවින් ඔවුන්ට එරෙහිට විනය ක්‍රියාමාර්ග නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එහෙත් මාධ්‍යවලට ප්‍රකාශ ලබාදී මාධ්‍යවලට නිවේදන නිකුත් කළ පක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළුව අනෙකුත් අයට විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
අද (30දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.