නේපාලයේ සහන සේවා සඳහා පිටත්ව ගොස් කටයුතු කිරීමතුළශ්රී ලංකා හමුදාවන්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳව මෙන්ම කලාපීය ආරක්ෂාව වෙනුවෙන් කැපවීම අන්තර්ජාතික වශයෙන් ගෞරවයට ලක්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අනාගතය සඳහා හමුදාවේ විවිධ අංශ පුළුල් කිරීමද අනාගතයේ ඇතිවෙනවා යැයි විද්‍යාඥයන් පවසන ස්භාවික සිදුවීම් මෙන්න අනිකුත් සිදුවීම් පිළිබඳව සූදානම්වීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පසුගියදා නේපාලයේ සහනසේවා සඳහා මෙරටින් පිටත්කර යැවූ හමුදා සාමාජිකයන් වෙත උපහාර පිදීමේ වෙනුවෙන් අද (18දා) අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයේදීය
නේපාලය සහන කණ්ඩායමේ නායකත්වය මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් මහතා හෙබවූ අතර, ඒ සඳහා 145 ක පිරිසක් සහභාගි වූහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුඇමතිවරු මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුදමෙම අවස්ථාවට සහභාගී වූහ.