යුද හමුදාවට එක්වීමට උත්සාහ දැරූ දමිළ තරුණියන් දෙදෙනෙකුට තර්ජනය කළ බව කියන පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලීසිය කටයුතු කර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (04 දා) මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙක් ඇප මත නිදහස් කර ඉතිරි සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බව යුද හමුදා මාධ්‍ය අංශය පවසයි.
තර්ජනයට ලක්වූ බව කියන තරුණියන් දෙදෙනාගේ පියා පුදුකුඩුඉරිප්පු පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් මත පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.