සෑම ක්‍රියාවටම ඊට සමාන වූත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යනුවෙන් නිව්ටන්ගේ තෙවැනි නියමක් පවතින බවත් එහෙයින් හමුදාව සමග සෙල්ලම් කිරීම පරිස්සමෙන් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
කොළඹදී අද (03දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු තවදුරටත් සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත්කිරීම හරහා ඔහුගේ ජීවිතයට අවදානමක් ඇති වුවහොත් එහි වගකීම වත්මන් සේනාධිනායකයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සතු බවයි.
"ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂව සමග හැංගිමුත්තං සෙල්ලමක් පටන් අරන් තියෙනවා. වේලාවකට හමුදාව ආරක්ෂාව ලබා දෙමින් ඉවත් කරමින් විකාරයක් බවට පත් කරලා තියෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ හමුදාවෙන් ආරක්ෂාවට සිටි 102 50දක්වා අඩු කළා. ඊට පස්සේ උගන්ඩාවේ ගිහින් එන විට ඉතිරි 50ත් අයින් කරලා තිබුණා. සමාජයේ ඇති වුණුකලබගෑනිය සමග නැවත ඒ අය එව්වා. නමුත් අද දවල් 12ට 25ක් යලි කැඳවලා. ආරක්ෂක ප්‍රධානි කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු ඉතිරි 27 හෙට 12ට කැඳවලා. 1988 සිට අඛණ්ඩව තිබුණු හමුදා ආරක්ෂාව හෙටින් ඉවරයි.
අපිට අද සධාරණ සැකයක් තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී හංසයා දිනවිමට දෙමළ බෙදුම්වාදීන් සමග ඇතිකර ගත් ගිවිසුමේ එක කොන්දේසියක්ද මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂව ඉවත් කිරිම කියලා. මහින්ද ජනපතිගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුණොත් එහි සම්පූර්ණ වගකීම සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන ජනපති පෞද්ගලිකව භාර ගන්න ඕනේ කියලා අපි එතුමාට සිහිපත් කරනවා.
ඊයේ සිට ආරක්ෂක සේවා විද්‍යාලය විරු සිසු විද්‍යාලය ලෙස නම වෙනස් කළා. හත්වන යුද ජය සැමරුම කලේ නෑ. රණවිරුවන් රිදෙව්වා හොඳටෝම ඇති. තවත් නම් රිදවන්න එපා. නිව්ටන්ගේ තෙවන නියමය සිහි කරනවා. ‘සෑම ක්‍රියාවකටම ඊට සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තිබෙනවා’ ඒ නිසා හමුදාව සමග කරන සෙල්ලම් ප්‍රවේසමෙන් කියලා අපි ආණ්ඩුවට අනතුරු ඇගවීමක් කරනවා." යැයි ඔහු පැවැසීය.