මෑත ඉතිහාසයේ ලංකා හමුදාව මහා පාවාදීමකට ලක්කර ඇත්තේ කමල් ගුණරත්ත මහතා විසින් බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඔහු රචනා කළ රණමඟ ඔස්සේ නන්දිකඩාල් ග්‍රන්ථය ඔස්සේ මෙම පාවාදීම සිදුකර ඇති අතර, එම ග්‍රන්ථය තුළ හමුදාව නීතිවිරෝධී කටයුතු සිදුකළ බවට සඳහන් කර ඇතැයිදඔහු කීය.
අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.
“දෙමළ අන්තවාදීන් අපේ හමුදාව ගැන කියපු කතා මේ පොතෙන් සනාථ කරලා තිබෙනවා. මෑත යුගයේදී හමුදාව පාවාදෙන ලොකුම ලියවිල්ල තමයි මේපොත. මේපොතේ තියෙන්නේ හමුදාව ගෙවල් කඩන ඒවා ගැන, මරණ සිද්ධි ගැන. අපි ලෝකෙ වටේ ගිහින් කියනවා මේදේවල් සිදුවුණේ නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඒ ගැන හොයලා බලන්නම් කියලා. නමුත් හමුදාවේ හිටපු මේ පුද්ගලයා හමුදාව අපකීර්තිමත් හමුදාවක් හැටියට පෙන්නන්න හදනවා. සරත් ෆොන්සේකා මහත්මයා හැමවිටම කියනවා හමුදාව යුද්ධය කාලයේ වරදක් කළේ නැහැ කියලා. වරදක් කරපු අය ඉන්නවා නම් ඒවගකීම ඔහු බාරගන්නවා කියලා කියනවා. මෙයා මේපොතේ කියන්නේ වෙනදෙයක්. හමුදාව නීතිවිරෝධී ක්‍රියා කළා කියලා ඔහු පොතේ කියනවා.
දැන් දෙමළ අන්තවාදීන් මේපොත අරගෙන විදෙස් රටවල බෙදාගෙන යනවා. මේ හැමදෙයකින්ම වෙන්නේ ජාත්‍යන්තර අන්තවාදී ඊළාම් කොටස් ශක්තිමත් වෙනඑකයි. කමල් ගුණරත්න හමුදාව පාවාදෙන පොතක් ලියලා තමන්ගේ සාක්කුව පුරවා ගන්නවා.”
VIDEO