පනාගොඩ මැදමන්ඩිය මාර්ගයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා සැකකරුවන් 07 දෙනෙක් පානදුර දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ(27දා) මධ්‍යම රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවටගත් සැකකරුවන් අතර, පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු යුද හමුදා කෝප්රල්වරියක් හා සෙබළියක්ද සිටින බව එම නිලධාරීහු පවසති.
මෙම සූදුපොළ රාත්‍රී 10.30 ට ආරම්භ කර අලුයම දක්වා පවත්වාගෙන යන බවට පානදුර දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත. සූදු පොළෙහි තිබී රුපියල් එක්ලක්ෂ තිස් හය දහසක (136,000) මුදලක් සොයා ගැනීමට හැකි වූ බවත්, වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුවන් අතුරුගිරිය පොලිස් ස්ථානයට භාරදුන් බවද එම නිලධාරීහු පැවසූහ. සැකකරුවන් අද (28දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.