ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා සහ සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාවේ භට කණ්ඩායම් 160ක් සූදානමින් තබා තිබෙන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව කන්කසන්තුරේ, රත්මලාන, හිඟුරක්ගොඩ ගුවන් හමුදා පථවල ගුවන් යානා සූදානම් කර තිබෙන බවද පවසා සිටියේය.
අදාළ කටයුතු සඳහා යුද, නාවික, ගුවන් හමුදා සාමාජිකයන් 1850ක් සූදානම් කර සිටින බවද සඳහන් කළේය.