ඉංගිරිය, රයිගම්වත්ත වතුයායේ හමුදා කඳවුරක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් පවතින බව සඳහන් කරමින් එම වතුයායේ ජනතාව අද (05දා) එයට එරෙහිව විරෝධතාවක නිරත වී සිටිති.
හමුදා කඳවුරක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්, එය වතුයාය තුළ ස්ථාපිත නොකර වෙනත් රජයට අයත් ඕනෑම තැනක ස්ථාපිත කරන ලෙස විරෝධතාකරුවෝ දන්වා සිටියහ.
ඉංගිරිය නිමාලි