හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ කූඩුවක රඳවා සිටි සිංහයෙකු පසුගියදා (04දා) සවස මියගොස් ඇතැයි වාර්තාවේ.
කොරියාවෙන් මෙරටට ගෙන්වන ලද මෙම සිංහයා මියයන විට වයස අවුරුදු පහක් වූ පිරිමි සතෙකි.
හම්බන්තොට රිදියගම අක්ක 600 ක භූමි ප්‍රමාණයක ඉදිවන සෆාරි උද්‍යානය සඳහා මුදාහැරීමට සිංහයන් හත් දෙනෙකු රැගෙන විත් වෙනම ස්ථානයක රඳවා සිටි අතර, ඉන් එක් සිංහයෙකු මෙසේ මියගොස් තිබේ.
සූරියවැව නුවන් ජයසේකර