හම්බන්තොට රෝහලේ සැත්කම් දුරකථන එළියෙන්
	.jpg) හම්බන්තොට මහ රෝහලේ විදුලිබල ප්‍රශ්නයක් හේතුවෙන් හදිසි සැත්කම් හැර සෙසු සියලු සැත්කම් පසුගිය සිකුරාදා සිට නතර කර ඇතැයි රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියන්ත සිංආරච්චි මහතා සඳහන් කළේය.
හම්බන්තොට මහ රෝහලේ විදුලිබල ප්‍රශ්නයක් හේතුවෙන් හදිසි සැත්කම් හැර සෙසු සියලු සැත්කම් පසුගිය සිකුරාදා සිට නතර කර ඇතැයි රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියන්ත සිංආරච්චි මහතා සඳහන් කළේය.
පසුගිය සිකුරාදා (01) විදුලිය විසන්ධිවීමෙන් විදුලි උත්පාදන යන්ත්‍රය ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව විනාඩි 35 කට ආසන්න කාලයක් ජංගම දුරකථනවල එළිය යොදාගෙන ඒ අවස්ථාවේ කරමින් සිටි සැත්කම් කර අවසන් කළ බවත්, මෙසේ අනාරක්ෂිත ලෙස සැත්කම් කිරීමෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවන්ට වග කිව යුතු හෙයින් සැත්කම් නතර කිරීමට සිදු වූ බව ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.
මේ පිළිබඳව විමසීමට හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු පැමිණ නොසිටි හෙයින්, රෝහලේ පරිපාලන නිලධාරීවරයාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ පසුගිය සිකුරාදා විදුලිය ප්‍රශ්නයක් ඇති වූ බවත්,පසුව කොළොන්නාවට දුරකථනයෙන් කතා කර සිදු වූ ප්රශ්නය විසඳාගෙන විදුලිය යථා තත්ත්වයට පත්කළ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                