හම්බන්තොට හා මත්තල ඉදිකිරීමට යෝජිත කර්මාන්තපුරය සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම හා අත්පත් කරගැනීම් සිදුකිරීමේදී ඊට අදාළ කටයුතු සොයාබලා වාර්තා කිරීමට හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම්ගේ සහභාගීත්වයෙන් හා ඉඩම්, වනජීවි, මහවැලි සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශවල ඉහළ නිළධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට තීරණය කර තිබේ.
හම්බන්තොට, මත්තල කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරිමට සැලසුම් කර ඇති කර්මාන්තපුරය ආරම්භ කිරීම සඳහා ඊට අවශ්‍ය ඉඩම් හඳුනාගැනීමේ මූලික සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙන තිබේ.
එම කමිටුවේ වාර්තාව අනුව මීළඟ සාකච්ඡාව පැවැත්වීමට තීරණය විය. එම අවස්ථාවට හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් සහ ඉඩම්, වනජීවී, මහවැලි, නාගරික සංවර්ධන යන අමාත්‍යවරු ඇතුළු උසස් නිලධාරීහු රැසක් සහභාගිවූහ.
බද්දේගම - සරත් ආනන්ද