හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා අද (20දා) රුපියල් මිලියනයක් බැගින් වූ ශරීර ඇප 02 ක් මත නිදහස් කරනු ලැබීය. නගරාධිපතිවරයා අද හම්බන්තොට මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ පෙනී සිටියේය.
මහජන කැළඹිලි ඇතිවන ආකාරයේ ක්රියාවන්ට දායකත්වය ලබාදුනහොත් ඇප අත්හිටුවන බවත්, නැවතත් නඩුව ජූනි මස 24 වැනිදා කැඳවන බවත් මහේස්ත්රාත්වරයා නියෝග කර සිටියේය.