හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් පසුව මත්තල ගුවන් තොටුපොළ වසර 40ක බදු පදනමක් යටතේ ඉන්දීය සමාගමකට ලබාදීමට රජය අපේක්ෂා කරයි.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ඊයේ (09දා) පැවැති කැබිනට් රැස්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇත.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ චීන ණය යටතේ ඉදිකළ මත්තල ගුවන්තෙටුපොළ සංවර්ධනය කිරීමට අදාළව ඉන්දීය සමාගම එය බදු පදනම මත ලබාගැනීමට උත්සාහ කරයි.