හම්බන්තොට මාගම්පුර වරාය චීනයට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් විරෝධයක් එල්ල වී තිබේ. ඉකුත් දා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රජයේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙකු හා පැවැති සාකච්ඡාවලදී පවසා තිබේ.
හම්බන්තොට වරාය චීන සමාගමකට දීමෙන් ඉන්දියානු සාගර කළාපයේ දේශපාලන සමතුළිතතාවයට ගැටලුවක් ඇතිවිය හැකි බව ඔහු ශ්‍රී ලංකාවට පෙන්වා දී ඇත. වරායක පර්යන්තයක පාලනය වෙනත් රටකට දීම හා වරායක පාලනය සම්පූර්ණයෙන්ම වෙනත් රටකට දීම ගැටලුකාරී බව ඔහු පෙන්වා දී ඇත.
ඉරිදා ලංකාදීප ඇසුරෙනි