හම්බන්තොට වරාය ගොඩගැනීමට වර්තමානයේ ආයෝජකයන් පෙළගැසී සිටින බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේය.
අද (16දා) එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මහතා පත්වූ අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
"කොළඹ වරායේ ආදායමින් හම්බන්තොට වරායේ පාඩුව පියවන්න වැඩ කළාට වැඩක් නැහැ. අද අපි මේ වරාය අංශ දෙකක් ලෙස ගෙන කටයුතු කරනවා. අද වෙනකොට හම්බන්තොට වරාය ගොඩගන්න ආයෝජකයන් පෙළ ගැසී සිටිනවා. මේ ආයතනය ඉස්සර කෑම පැකැට් එකෙන්, පැන්සලෙන් පවා හොරකම් කරපු තැනක්. අද ඒ හොරකම් නවත්වලා තියෙනවා" යැයි ඔහු පැවැසීය.