හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදුන් තීරණය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් තමාට වහාම ලබාදෙන ලෙස ඉල්ලමින් වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.
පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට අර්ජුන අමාත්‍යවරයා සහභාගි නොවූ අතර, වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය මුතුහෙට්ටිගම මහතා ඒ සඳහා සහභාගි විය.
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ලිපියක් යොමුකර ඇති බවත්, ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් නිර්දේශ ලබාදී ඇති බවත් රණතුංග අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
එසේ තිබියදී වරාය චීන සමාගමකට පැවරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණේද යන්න පිළිබඳ නිශ්චිතව දැනගැනීම සඳහා තමාට වහාම පැහැදිලි කිරීම් ලබාදෙන ලෙස අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
අද (28දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී අදාළ තීරණය සම්බන්ධයෙන් අර්ජුන අමාත්‍යවරයා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවද වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග පැවසීය.