‘කිරෙන් සපිරි දැයක්’ මැයෙන් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ පාසල් නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයන් වැඩි පිරිසක් කොළඹින් පිට පළාත් නියෝජනය කළ අය වෙති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (15දා) සවස මෙහි සම්මාන ප්රදානය සිදුකළ අතර, එහිදී වැඩි සම්මාන සහතික ප්‍රමාණයක් හිමිකරනු ලැබුවේ පිට පළාත් පාසල් සිසුවියන් විසිනි.
සිංහල හා දෙමළ මාධ්‍යවලින් පැවැති මෙම තරගාවලියේදී පද්‍ය රචනා, ගද්‍ය රචනා, චිත්‍ර, ලාංඡන නිර්මාණ යන අංශ සඳහා පාසල් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ඔවුන් අතරින් කුසලතා සහතික සහ සම්මාන හිමිකරගත් සිසුන් බොහෝ පිරිසක් මහියංගණය, වැල්ලව, වැලිමඩ, මහව, කළුතර, කල්මුනේ, මහඔය ආදි ප්‍රදේශ නියෝජනය කළහ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු