හඳුනා නොගත් එච්.අයි.වී. රෝගීන් 1700කට ආසන්න ප්‍රමාණයක් රට තුළ සිටින බවට අනුමාන කරන බව ජාතික ලිංගික රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.
මේ වනවිට 2200කට අධික රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ලබාගන්නා බවත්, එහෙත් ආසන්න වශයෙන් රෝගීන් 3700කට ආසන්න ප්‍රමාණයක් රට තුළ සිටිය හැකි බවත් එම ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය සිසර ලියනගේ මහතා සඳහන් කළේය.
මෙම පිරිස් කඩිනම් හඳුනා ගැනීමට හා ලංකාව තුළ එච්.අයි.වී. ඒඩ්ස් පැතිරයෑම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.