හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4500ක් පමණ අප ජීවත්වන ප්‍රජාව තුළ සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය.
ලෝක ක්ෂය රෝග දිනය මේ මස 24 වැනිදාට යෙදෙන අතර, ඒ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ 2016 වර්ෂයේදී ක්ෂය රෝගීන් 8,886ක් සොයාගෙන ඇති බවයි.
නමුත් 2016 වර්ෂයේ ඇස්තමේන්තුගත ක්ෂය රෝගීන් 13,757ක් සිටින බවත් හඳුනානොගත් රෝගීන් මේ අනුව රෝගය තවදුරටත් ප්‍රජාව අතරට ගෙනයමින් සිටින බවද හෙතෙම පැවසුවේය.
නිසි පරිදි ඖෂධ ගැනීමෙන් කෂ්ය රෝගය නිට්ටාවටම සුව කළ හැකි බැවින් සති දෙකකට වඩා කැස්ස පවතී නම්, ශරීරයේ බර අඩුවීම, රාත්‍රී කාලයේ ඇතිවන මද උණ හා අධික දහඩිය දැමීම, කෑම අරුචිය සෙම සමග රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් පවතීනම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඒ මහතා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.