2015 මහ මැතිවරණයේදී අලුතින් පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීන් 62ක් සිටින බැවින් හදිසි මැතිවරණයක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගැනීම ඉතා අසීරු කරුණක් වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
නවක මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලැනේනේ අඩුව වශයෙන් වසර පහක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළහොත් පමණි. එබඳු මන්ත්‍රීන්ට දැනට ලැබෙන වැටුපෙන් තුනෙන් එකක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබාගත හැකිය.
2015 මන්ත්‍රී පදවියකට පත්වූ මන්ත්‍රීන්ගේ සේවා කාලය වසර 5කට පෙර හමාරවුවහොත් ඔවුහු විශ්‍රාම වැටුප් හිමිකමට සුදුසුකම් නොලබති. එබැවින් මන්ත්‍රීන් තෝරාපත් කරගෙන වසර පහක් ගතවන තුරු පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමක් සිදු නොවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.
ඉරිදා දේශය ඇසුරෙනි