හජ් වන්දනාවේ යවන බව පවසමින් කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයේ යෙදවූ සැකකරුවෙක් අතඅඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
අද (31දා) සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු සතුව තිබී පාස්පෝට් 5ක්, වීසා 2ක්, වෛද්‍ය වාර්තා ඇතුළු තවත් ලේඛන රාශියක් සොයාගෙන තිබේ.
ආයතනයට මක්කම වන්දනාවේ යැවීම සඳහා වලංගු සංචාරක බලපත්‍රයක් පමණක් ඇති බවද කාර්යාංශය කියයි.