සෞදි රජය විසින් එරට නීතිවිරෝධීව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් දින 90ක පොදු සමාකාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව මේ අද (23දා) ආරම්භ වී මාස තුනක කාලයක් මෙම පොදු සමා කාලය බලාත්මක වන බව සෞදි රජය දැනුම්දී ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කරයි.
එරට නේවාසික වීසා නොමැතිව රැඳීසිටින්නන්ට මේ කාලය තුළ නීත්‍යානුකූලව එරටින් පිටවිය හැකි අතර, එරටින් පිටවන විදෙස් පුරවැසියන්ට නීත්‍යානුකූලව නැවත පැමිණීමට බාධාවක් නෙමැති බවද සෞදි රජය දන්වා සිටින බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
එසේම මෙම පොදු සමාකාලයෙන් පසුව තවදුරටත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කරන බව සෞදි රජය දන්වා සිටින බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ හේතුව නිසා එරට නීතිවිරෝධීව රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත මෙම කාලය තුළ හැකි ඉක්මණින් රියාද්හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වෙත හෝ ජෙඩාහි පිහිටි ශී‍්‍ර ලංකා කොන්සල් ජනරල් කාර්යාලය වෙත පැමිණ අදාළ ලියකියවිලි සකස්කර ගනිමින් මව් රටට පැමිණෙන ලෙස කාර්යාංශය දන්වා සිටියි.
විශේෂයෙන් තම ඥාතීන් මෙවැනි නීත්‍යානුකූල නොවන අයුරින් සෞදිය තුළ රැඳී සිටින්නේ නම් ඔවුන් මේ පිළිබඳව තොරතුරු හැකි ඉක්මනින් විදේශ සේවා කාර්යාංශයට ලබාදෙන ලෙසත් දන්වා සිටියි.