වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවිතාවුන් වැනි මිනිසුන් ඇත
මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙස ගිය ලාංකික කතක් මවුබිමට යාම ප්‍රතික්ෂේප කළපුවතක් සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ජංගම සේවයෙන් වාර්තාවේ.
මාතලේ, කයිකාවෙල පදිංචිව සිටි නමින් අබ්දුල් හසන් සිත්ති ජසිමා නමැති 63 හැවිරිදි මෙම වයෝවෘද්ධ කාන්තාව තම හාම්පුතාගේ අරාබි ජාතික රියදුරු සමග ජංගම සේවයට පැමිණ සිටියේ ගමන් බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහාය.
තමා වෙල්ලන්තැන්නප්රදේශයේ පදිංචිකාරියක බවත් මීට වසර විස්සකට පෙර සෞදි අරාබියේ ගෘහ සේවයට පැමිණි නමුත් අකුරු කියවීමට හෝ ලිවීමට නොදන්නා නිසා පවුලේ කිසිවෙකු සමග සබඳතා පවත්වීමට නොහැකිවූ අතර, මේ දක්වා තමාගේ දරුවන් හෝ ඥාතීන් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ඇය කියන්නීය.
තමාට හාම්පුතා හොඳින් සලකන බවත්, නිවසේ කිසිදු වැඩක් කිරීමට ඔහු ඉඩ නොදෙන බවත් විවේකීව සිටින ලෙස හාම්පුතා පවසන බවත් ඇය කියන්නීය. නියමිත වැටුප තමාගේ ගිණුමට බැර කරන අතර, එම මුදල් අසරණ මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු යොදන බවද ඇය වැඩිදුරටත් පවසන්නීය.
මවුබිමට යාමට අදහසක් නැද්ද යන්නට පිළිතුරු වශයෙන් ඇයපැවසුවේ වසර විස්සක් පුරා සිය කැමැත්තෙන් ලංකාවට නොගිය තමන් මිය යනතෙක්ම මෙම නිවසේ ජීවත්වන බවයි.
ලලිත් ප්‍රේමලාල් සෞදියේ සිට