සෞදි ආරබියේ සේවය කරමින් සිටියදී අධිකරණ නියෝග මත ගල්ගසා මරා දැමීමට නියෝග කෙරුණු ශ්රී ලාංකික කාන්තාව බේරාගැනීම සඳහා රාජ්යතාන්ත්රික මට්ටමින් උපරිම පියවර ගනිමින් සිටින බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය අද (23දා) පැවසුවාය.
මෙම කාන්තාව මරණ දඬුවමින් බේරාගැනීමට හෝ දඬුවම ලිහිල් කරගැනීමට එරට අධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ බවත් ඇමතිවරිය සඳහන් කළාය.
කොළඹදී ඊයේ (24දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ සෞදි රජයේ අභියාචනාධිකරණ මණ්ඩලය ශ්රී ලංකාව ඉදිරිපත් කළ අභියාචනය ගැන විමර්ශනය කරමින් සිටින බවයි.