සෞදි පොදු සමාකාලය ජූලි 23 දක්වා දීර්ඝ කෙරේ
රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 3ක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබූ අතර, එම කාලය මෙම මස 23 දක්වා නැවත දීර්ඝ කිරීමට සෞදි රජය තීරණය කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
2017 මාර්තු මස 21 වන දින සිට 2017 ජූනි මස 25 වන දින දක්වා නම් කරන ලද පොදු සමා කාලය තුළ එරට රැඳී සිටි ලාංකිකයන් 4500කට ආසන්න ප්‍රමාණයක් සඳහා ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි එම කාර්යාංශය පවසයි.
මේ හේතුවෙන් තවදුරටත් සෞදියේ නීතිවිරෝධීව රැඳී සිටින්නන් වෙනුවෙන් මෙම පොදු සමා කාලය දීර්ඝ තිබෙන අතර, පෙර පරිදිම නීති රීති අදාළ බව සෞදියේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය දන්වා සිටී.
එනම් මෙම කාලසීමාව තුළ එරටින් පිට නොවී තවදුරටත් රැඳී සිටින්නේ නම්, එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඩ මුදලකටද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කිරීමට කටයුතු කරන බව සෞදි රජය නිවේදනය කර තිබේ.
විශේෂයෙන් පොදු සමාකාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයන්ට නැවතත් සෞදි අරාබියට නීත්‍යානුකූල ලෙස පැමිණිය හැකි බව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් මහතා සඳහන් කරයි.
මේ අනුව තවදුරටත් නීති විරෝධී අයුරින් එරට රැඳී සිටින ශ්‍රී ලාංකික පුද්ගලයන් වෙතොත් ඔවුන් දැනුවත් කර මෙරටට ගෙන්වා ගැනීමට සඳහා කටයුතු කරන මෙන් ඔවුන්ගේ ඥාතීන්ගෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

