සෞදි ගිහින් පැන්නොත් ලක්ෂ 4ක් දඩ
සෞදි ආරාබියේ රැකියා කරන සියලුම ශ්‍රමිකයන් සඳහා මේ මාසයේ සිටනව නීති පද්ධතියක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව නේවාසික බලපත්‍රය සහිත විදේශ ශ්‍රමිකයන් තම රැකියා ස්ථානයෙන් පැනගියහොත් සහ ඒ පිළිබඳ සේවය කළ ආයතනය හෝ හාම්පුතා විසින් එරට පොලීසියට පැමිණිලි කළ අවස්ථාවක තමන් යළි දිවයිනට පැමීණීමේදී අවශ්‍ය පිටවීමේ අවසර පත්‍රය (Exit permit) ලබාගැනීමේදී දඩ මුදලක් ගෙවිය යුතුවෙයි.
එහිදී සෞදි රියාල් 10,000 ක (ආසන්න වශයෙන් රුපියල් 387.000 ක්) දඩ මුදලක් පිටවීමේ අවසර පත්‍රය ඉල්ලූම් කරන අවස්ථාවේදී ගෙවීමට සිදු වේ. සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, එරට සේවය කරන සියලුම ශ්‍රමිකයන්ට මෙය වලංගු බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.
එසේම අදාළ නීතිය අනුව නේවාසික බලපත්‍රය (Resident Permit- IQAMA) (ඉකෝමා) කල් ඉකුත් වී ඇති අවස්ථාවකදී වුවද පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්නම්,එරටින් පිටවීමේ අවසර පත්‍රය ඉල්ලුම් කිරීමේදීරියාල් 10,000 ක දඩ මුදලක් ගෙවිය යුතු වේ. මෙයට අමතරව සංචාරක වීසා මත රැකියා සඳහා නීති විරෝධීව එරටටපැමිණි ශ්රමිකයන්දවීසා කාලය අවසන් වී තවදුරටත් රැඳී සිටීනම් දිනපතා එක්දින අය කරන අගය මත දඩ මුදල් ගෙවිය යුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

