ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන සැපයීමේ කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා 1500ක කාර්යය මණ්ඩලයක් සහ ගිලන් රථ 150ක් සුදානම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා මේ බව ප්‍රකාශ කළේය.
අවතැන්වූවන් රැඳී සිටින කඳවුරු සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.
එමෙන්ම බෝවන රෝග පැතිරයාම වැළැක්වීම සඳහා හැකි තරම් කසල පිළිස්සීමට කටයුතු කරන ලෙස වෛද්‍ය පාලිත මහිපාල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.