කිසිදු සාධාරණ හේතුවකින් තොරව දේශපාලන අරමුණු වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉවත් කළ යුතු බව පැවසුවද, වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා සෞඛ්‍ය සේවාවේ සියලු දෙනා වෙනුවෙන් එක සේ පෙනී සිටින, සියලු දෙනාගේම ප්‍රශ්න විසඳන පුද්ගලයෙකු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පැවසීය.
පුංචි බොරැල්ලේ පිහිටි පරිපූරක වෛද්‍ය සේවා ශ්‍රවණාගාරයේදී අද (31දා)පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම කමිටුව මේබව ප්‍රකාශකළේය.
මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරයක් සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක වූ බවත්, දැන් එම තත්ත්වය වෙනස්වීම නිසා ඔවුන් අමාත්‍යවරයා ඉවත්කිරීමට උත්සාහ කරන බවත් වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මහතා,
“‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් සෞඛ්‍ය ඇමතිවරයා ගෙදර යවන සටනකට අත ගසා තිබෙන බව පෙනෙනවා. ඔවුන් මේ දිනවල ඒ වෙනුවෙන් නොහික්මුණු ප්‍රකාශ කරමින් සිටිනවා. අපිත් ඉතිහාසය පුරා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අරගල කළා. නමුත් අපට දේශපාලන ප්‍රශ්න නැහැ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ අවස්ථාවේ කිව්වේ මාව මේ රටේ ජනාධිපති කළේ පොඩි මිනිසුන් නිසා ඔවුන් වෙනුවෙන් සේවය කරනවා කියලයි. නමුත් එතුමාට ඒ දේ කරන්න බැරිවුණා. සමහර වෘත්තීය සමිති එයට කැමති වුණේ නැහැ. පරිපූරක වෛද්‍ය සේවාවට, හෙද සේවයට උපාධියක් ඉල්ලද්දිත් මහින්ද රාජපක්ෂ මහතා හිතුවෙ අර අය කොහොම හිතයිද දන්නේ නැහැ කියන එක ගැනයි.
ඒ නිසා තමයි මේ ක්‍රමය වෙනස් කරන්න වුණේ. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ ක්‍රමය වෙනස් කරන්න හිතුවෙ සෞඛ්‍ය ක්ෂේත්රයේ තිබූ අසාධාරණය දුටු නිසා විය යුතුයි. අද වෛද්‍යවරුන්ගේ සංගමය අමාත්‍යවරයා ගෙදර යැවිය යුතු බව කියද්දි අපි එයට කැමති නැහැ. මොකද සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු දෙනාට සාධාරණය ඉටුවුණේ එතුමාගේ කාලය තුළයි* යැයි පැවසීය.