සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීමට සකස් කළ ලැයිස්තුව අවස්ථා තුනකදී වෙනස් කර සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත්වීම් ක්‍රම‘වේදය සම්පූර්ණයෙන්ම අවුල් කරදමා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඉතිහාසයේ පළමු වතාවට සීමාවාසික පත්වීම් ලබාදීමේ ක්‍රම‘වේදයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත දමා තිබෙන බවත්, මේ නිසා අමාත්‍යවරයාගේ මැදිහත්වීම වහා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා මේ මස 31 වැනි දින සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවත් අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.